බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍යවරියට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්

0
23

බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය බෙගම් කලීඩා සියා මහත්මියට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඩකා අගනුවරට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ හේතුවෙන් නගරය පුරා දැඩි රථවාහන තදබදයක් පවතී. විශේෂයෙන් ගුවන් පාලම්වල පවා අධික ජනකායක් රැස්ව සිටින බව සඳහන් වේ. මෙහිදී ඇති වූ තදබදයකින් එක පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.

හිටපු අග්‍රාමාත්‍යවරියට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි විදෙස් රාජ්‍ය නියෝජිතයෝ රැසක් මාර්ගවල සිරවී සිටින එරට මාධ්‍ය සඳහන් කරයි.

බංග්ලාදේශයේ පළමු අග්‍රාමාත්‍යවරිය වන කලීඩා ෂියා ඊයේ (30) අභාවප්‍රාප්ත වූවාය.

දිගු කලක් රෝගාතුරව සිටි ඇය මියයන විට 80 වන වියේ පසුවිය.

මෙම අවමංගල්‍යය උත්සවයට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්, පාකිස්තාන ජාතික සභාවේ කථානායක සර්දාර් අයාස් සාදික්, භූතානයේ විදේශ අමාත්‍ය ලියොන්පෝ ඩී.එන්. ධුන්යෙල් යන මහත්වරුන් එක්ව සිටී.

1981 වසරේ දී ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී ඝාතනය වූ ඇගේ සැමියා වන සියාඋර් රහ්මාන් භූමදාන කර ඇති ස්ථානයේම කලීසා සියාගේ දේහයද අද (31) භූමදාන කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here