ගාල්ල මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට

0
57

ගාල්ල මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පසුගියදා ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමේ දී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් එහි නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කර සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙනි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රිවරියක් සහ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකි.

ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද (31) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.