දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට පස්වරුවේ වැසි

0
6
Torrential rain causing flood.

NEWSNOW| – මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව්  දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දකුණු පළාතේත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල  ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ කළුතර, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here