ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අගමැතිනි හමුවෙයි.

0
2

මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (23) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

මෙම සාකච්ඡාවේදී දුම්රිය මාර්ග, පාලම් නැවත ගොඩනැගීම සහ රටේ කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සඳහා සහාය වීම ඇතුළුව ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට ඇති සූදානම ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී තහවුරු කළේය.

ශක්තිමත් පරිපාලන ක්‍රියාමාර්ගයන් සහ ආයතනික රාමු හරහා ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ඵලදායී පද්ධති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

ඉදිරියට ගෙන යන සහන කටයුතු මෙන්ම ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සහ රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ ව ද මෙහිදී අවධානය යොමු විය.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේ දී සහන මෙහෙයුම්වලට අමතරව නැවත පදිංචි කිරීම සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම වැනි දිගුකාලීන පියවර ඇතුළත් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය ඉන්දීය රජය විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය ඇගයීමට ලක් කළා ය.
May be an image of one or more people, dais and text

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here