Strength සංවිධානය හතරවෙන වතාවටත් පාසල් උපකරණ කට්ටළ ප්‍රධානය කිරීම කටුගස්තොට බීරි ඇල කණිෂ්ඨ මුස්ලිම් විද්‍යාලයේදී.

0
5

NEWSNOW | – Strength සංවිධානය හතරවෙන වතාවටත් දුෂ්කර පාසල් ළමුන් සඳහා වසරකට අවශ්‍ය පාසල් උපකරණ කට්ටළ ප්‍රධානය කිරීමේ වැඩසටහන  (21) දින මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බීරි ඇල කණිෂ්ඨ මුස්ලිම් විද්‍යාලයේදී සිදුකරනු ලැබීය.

මෙවර සිසු දරුවන් 40 දෙනෙකු සඳහා වසරකටම අවශ්‍ය පාසල් උපකරණ සහ වියළි ආහාර මල්ලක් ලබාදෙන ලදි.

සෑම වසරකම දුෂ්කරප්‍රදේශයට පිහිටි පාසලක් තෝරාගෙන එහි ළමුන් සඳහා වසරකට අවශ්‍ය කරන සියලුම පාසල් උපකරණ ලබාදීම නොකඩවා වසර හතරක් තිස්සේ මෙම සංවිධානය සිදුකරනු ලබයි.

ස්වේච්ඡා සංවිධානයක් වන මෙම සමූහයේ සියලු ආගමික අය සිටී. මිතුරු මිතුරියන් වන මොවුන් විසින් මේ සද්කාර්ය කරගෙන එනු ලබයි. මෙහි ජාතික කැඳවුම්කරු ලෙස එන්.එම්.නස්රාන් මහතා කටයුතු කරනු ලබන අතර සභාපතිවරයා ලෙස ආදිල් අහමඩ් මහතාත් ලේකම්වරයා ලෙස විසල් කනිෂ්ක මහතාත් කටයුතු කරයි.

මෙම කටයුත්ත සඳහා දිවයිනේ විවිධ ස්ථානවල සිටින මොවුන්ගේ මිතුරු මිතුරියන් අනුග්‍රාහකත්වය දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here