NEWSNOW | – මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අද(22) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පසුගියද ඇතිවූ දිට්වා සුළි කුණාටුව නිසා පොළොන්නරුව සහ මනම්පිටිය අතර ගල්ලෑල්ල ප්‍රදේශයේ මාර්ග කොටසකට හානි සිදුවිය.
ඒ හේතුවෙන් මේ දක්වා මඩකලපුව දක්වා දුම්රිය ධාවනය කිරීමට නොහැකි විය.
මේ අතර, උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය ද, අද යළි ආරම්භ වෙයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යාල්රාණී දුම්රිය එලෙස ධාවනයට එක් කරන බවයි.
සෑම දිනකම කන්කසන්තුරයෙන් උදෑසන 6.00 ට ගමන් අරඹන දුම්රිය, පෙරවරු 10.17 ට අනුරාධපුරයට ළඟා වෙයි.
අනුරාධපුරයෙන් නැවත පස්වරු 2.30 ට ගමන් ආරම්භ කරන දුම්රිය, පස්වරු 6 යි 53 වන විට කන්සන්තුරයට ළඟාවීමට නියමිත බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

