වක්ෆු මණ්ඩලය දුන් ඓතිහාසික තීන්දුවක්.

0
147

NEWSNOW | – රුපියල් කෝටි 140 ක වත්කම් නීඩා පදනමට පැවරීම නීති විරෝධී බව වක්ෆ් සභාව තීන්දු කළේය.

වක්ෆු සභාව යනු මුස්ලිම් සමාජයේ පොදු දේපල නඩත්තු කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් දෙපර්ත්තමේන්තුව යටතේ පවතින සභාවකි. මෙහිදී මුස්ලිම්වරුන්ගේ දේපල සම්බන්ධ කරණා වලදී එම බාෂාව මැදිහත් වී ඔවුන් විසින් යුක්තිය වෙනුවෙන් පෙනීසිටීම සිදුවේ.

මේ අනුව රාජගිරිය පාසල් පද්ධතියේ නූරානියා මද්‍රසාවට අයත් රුපියල් කෝටි 140 ක වත්කම් එහි ප්‍රධානී හසන් ෆරීඩ් මව්ලවි විසින් නීඩා පදනමට පැවරීම නීති විරෝධී බව පසුගියදා (13) ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින් වක්ෆු මණ්ඩලය, එම පුණ්‍ය වත්කම් ආරක්ෂා කිරීම සඳහා විශිෂ්ට කාර්යයක් ඉටු කර තිබේ.