ඔබ ආදර්ශමත් ජනතා නියෝජිතයෙක් නම් මේ මොහොතේ ඔබේ දීමනා සියල්ල ජනතාව වෙනුවෙන් කැප කළ යුතුයි – හිටපු කොළඹ මහ නගරසභා මන්ත්‍රී ශාම් නවාස්

0
41

NEWSNOW | – රටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් මුළු මහත් ශ්‍රී ලංකාවම ඉතාමත්ම දුෂ්කර  තත්ත්වයකට පත්වුණි. විවිධ ප්‍රදේශයන්හි සිදුවූ නායයාම් සහ ගංවතුර හේතුවෙන් ඔවුන් ජීවිත කාලය පුරාම හම්බ කළ සේසත (ඔවුන්ගේ ඉඩම් කඩම්, ඔවුන්ගෙන් යානවාහන පමණක්ම නොව) ඇඳි වත පමණක්  ඉතිරි කරමින් පස් වලට යටවී හෝ ගංවතුරට ගසාගෙන ගොස් අවසන්ය.  මෙම ව්‍යසනයට මුහුණ දූන් බොහෝ දෙනෙකු යළි බිංදුවේ සිට ජීවිතය පටන් ගත් යුතුව ඇත. මෙවැනි අවස්ථාවක රටේ වැදගත් පුද්ගලයින් ලෙස සලකන ඇතැම් පිරිසක් මෙම ව්‍යසනකාරී තත්ත්වයෙන් අයුතු ප්‍රසිද්ධියක් ලබා ගැනීමට සංදර්ශන පවත්වන ආකාරයක් දක්නට ලැබේ. අනුන් විසින් පරිත්‍යාග කරන ලද භාණ්ඩ එක්රැස් කරගෙන ගොස් තම ධන පරිත්‍යාගයෙන් දෙන ආකාරයට රඟ දක්වන නාටක සමාජ මාධ්‍යයේ පල කරන පෝස්ට් දුටුවිට පිළිකුල් සහගත බවක් ඇති වන බව හිටපු කොළඹ මහ නගරසභා මන්ත්‍රී ශාම් නවාස් මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ “මේ මොහොතේ අසරණව සිටින අහිංසක ජනතාව වෙත ඔවුන් ඔවුන්ගේ ධන පරිත්‍යාගයෙන් උදව් උපකාර කළා නම් එලෙස කිරීම ගැටළුවක් නැත. නමුත් තවත් පුද්ගලයින්ගෙන් ආධාර උපකාර පරිත්‍යාග ඒකරාශී කරගනිමින් මෙවැනි පුද්ගලයින් ජනතාව ඉදිරියේ තමන් විසින් බෙදා දෙන බවට හුවා දක්වයි.

මෙම ව්‍යසනයෙන් ලක්ෂ 16ක පමණ ජන සංඛ්‍යාවක් අද විවිධාකාරයේ බලපෑම්වලට විවිධාකාරයේ විනාශ ඒකට ගොදුරු වී තිබේ. මෙම ජනතාවට විශේෂයෙන්ම මහජන නියෝජිතයින් ලෙස ඔවුන් මේ මොහොතේ අවංකව ජනතාවට පිහිට විය යුතු බව මාගේ අදහසයි. එසේම තමන් ආදර්ශමත් ජනතා සේවකයෙක් නම් මේ අවස්ථාවේ ජනතාව වෙනුවෙන් කළ හැකි හොඳම සේවය වන්නේ තමන්ට ලැබෙන දීමනා ජනතාව වෙනුවෙන් කැප කිරීම නොවේද?

තම සහෝදර ජනතාව වෙනුවෙන් මේ අවස්ථාවේ රජය විසින් ලබාදෙන සහනාධාර තම ප්‍රදේශයේ ජනතාවට ලැබී ඇතිද එසේ නොමැති නම් ඔවුන්ට එය ලබා ගැනීමට ලබා දිය හැකි සහයක් ලබා දීම ජනතා නියෝජිතයින් වන ඔබේ මේ මොහොතේ වගකීම විනා සංදර්ශන ඉදිරිපත් කිරීම නොගැලපෙන බව සිහිපත් කරමි.

ජනතාව වෙත ලබාදුන් ආධාර වංචා කළ බවට පසුගිය රජයන් වෙත චෝදනා එල්ලවූ ආකාරය අපට සිහිපත් වේ. එම දීමනා නිසි ලෙස කළමනාකරණය කරමින් එම දීමනාවන් සියල්ල ජනතාවටම ලැබෙන ආකාරයේ කිසියම් වැඩපිළිවෙලක් සැකසිය යුතු අතර අමතර මුදල් යළි රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබීමට සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බවද මෙම අවස්ථාවේ සිහිපත් කරන බව හිටපු කොළඹ මහනගරසභා මන්ත්‍රී ශාම් නවාස් මහතා අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here