“දිට්වා” ස්වභාවික ආපදාවෙන් විපතට පත් වූවන් සිහිපත් කිරීමේ විශේෂ ඉස්ලාමීය ආගමික ප්‍රාර්ථනා වැඩසටහනක්.

0
110

NEWSNOW|-  ​2025 අද (09) පස්වරුවේ වැල්ලවත්ත ජුම්මා පල්ලියේදී පැවති මෙම ආගමික වතාවත් සඳහා ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කුමාරි මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරී පිරිසක්, සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එස්.එම් නවාස් මහතා ඇතුළු විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වූහ.

ප්‍රධාන දේශනය ජමියතුල් උලමා සභාවේ සභාපති අෂ්-ශේහ්ක් රිස්වි මුෆ්ති මව්ලවිතුමන් විසින් සිදුකළ අතර මෙහිදී ස්වභාවික ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාවට ශක්තිය හා සුවය ප්‍රාර්ථනා කිරීම මෙන්ම, අතුරුදන් වූවන් සහ ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනා සිහි කිරීම සිදුවිය.