උදුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

0
143

NEWSNOW| –  ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (04) යෙදී තිබේ.

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවක් රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග තවත් භික්ෂූණීන් 11 නමක් එදින ලංකාවට වැඩම කළ අතර මෙරට මෙහෙණි සසුන පිහිටුවීම ද උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයේ දී සිදුව තිබේ.