අද පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

0
163

NEWSNOW | – අද(03) දිනයේ දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

විශේෂයෙන්, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල කුරුණෑගල සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.