දැනට පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමේදී මහජනතාවගේ සහයෝගය ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් බලා පොරොත්තු වේ.
මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් අතරතුර ඩ්‍රෝන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් කරනු ලබන ගුවන් මෙහෙයුම් සඳහා අවදානම් තත්වයක් ඇති කරයි.
ගුවන් අවකාශයේ අනවසර ඩ්‍රෝන යානා පැවතීම ගුවන් ගමන් මාර්ගවලට සහ මුදා ගැනීමේ සහ සහන මෙහෙයුම්වලට බාධා කළ හැකි අතර ගුවන් යානා අනතුරු සිදුවිමට හැකිය. එවැනි සිදුවීම් යානයේ සිටින ගුවන් කාර් ය ණ්ඩල සාමාජිකයින්ගේ ජීවිත,ගුවන් යානා සහ භූමියේ සිටින පුද්ගලයින්ට බරපතල තර්ර්ජනයක් එල්ල කරයි.
මේ වන විට ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කරන මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම්වල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ගුවන් යානා සහන මෙහෙයුම්වල නිරත වන ප්‍රදේශවල, ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙසය.
තවද සියළුම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමට පෙර එම යානා ගුවන්ගත කිරීමේ සහ ගොඩබෑමේ වේලාවන් පිළිබඳව පහත අංක අමතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සාමාන්‍ය දුරකථන: 0112343970 / 0112343971
ක්ෂණික දුරකථන: 115

