ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකාවෙන් ඉවතට. ඇතැම් ප්‍රදේශ වලට තවදුරටත් වැසි.

0
115

NEWSNOW| –   කන්කසන්තුරේ සිට කිලෝමීටර් 300 ක් පමණ වයඹ දෙසින් පිහිටා ඇති ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකාවෙන් ඉවතට උතුරට ගමන් කර තවදුරටත් දුර්වල වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද දින උතුරු, බටහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැක.

ඌව පළාතේ සහ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.