මාවිල්ආරු වැව් බැම්ම බිඳී යාමෙන් සිරවූ ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම ඇරඹේ.

0
12

NEWSNOW | –  මාවිල්ආරු වැව් බැම්ම බිඳී යාමෙන් සිරවූ ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරේ.

මේ වනවිටත් ගුවන් මෙහෙයුම් මඟින් පුද්ගලයින් 121 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට හැකිව තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

තංගවේලී නම් ගම්මානයේ සිටින 1,000ක පමණ පිරිසක් බේරාගැනීමට ඉතා ඉක්මනින් කටයුතු කළ යුතු බව ද එම සාකච්ජාවේ දී ජනාධිපතිවරයා දුරකථනයෙන් ඇමතූ හිමිනමක් පැවසීය.

කෙසේවෙතත් මූතූර් සහ නීලපොළ යන ප්‍රදේශවල ජනතාව ඊයේ (29) රාත්‍රීයේම ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි ද මෙහිදී අනාවරණය වුණි.

කින්යා නගරය මේ වනවිට සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති අතර, ඇතැම් පිරිස් ගස් උඩ රැඳී සිටිමින් ජීවිත බේරාගන්නා බවත් ඔවුන්ව මුදා ගැනීමට නාවික හමුදාව මෙහෙයුමක් දියත් කර ඇති බවත් වාර්තා වේ.

මාවිල්ආරු වැව් බැම්ම බිඳී යෑමෙන් සෝමපුර, සිරිමංගලපුර, කල්යාර්, දෙහිවත්ත යන ප්‍රදේශවලට බලපෑම් එල්ල වන අතර, එම ප්‍රදේශවල ජනතාව මේ වනවිට සේරුනුවර නවෝද්‍යා පාසලට ගුවනින් රැගෙන යෑමට කටයුතු කර තිබේ.

ඉන් අනතුරුව සේරුවාවිල රජමහා විහාරයේ ආරක්ෂිත ස්ථානයක් වෙත ආපදාවට ලක්වූ පිරිස තාවකාලිකව රැඳවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here