දිවයින පුරා ලක්ෂ 2කට අධික පිරිසක් පීඩාවට

0
15

NEWSNOW| –  දිවයින පුරා ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට මෙරට පවුල් 234,503  ආපදාවට පත්ව ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පැවසුවේ එයින් පුද්ගලයින් 833,985 ආපදාවට ලක්ව ඇති බවය.

එමෙන්ම නිල වශයෙන් තහවුරු වූ මරණ 159ක් සහ 203ක් මේ වන විට වාර්තා වී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

ආපදාව හේතුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 919ක් ශ්‍රී ලංකාව පුරාම ආපදාවට ලක්වූ ජනතාව වෙනුවෙන් සේවාවන් සපයන අතර පවුල් 34, 198ක් පුද්ගලයින් 122,822ක් මෙම සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටිති.

එමෙන්ම පවතින තත්ත්වයන් තුළ සහනාධාර සම්බන්ධ ගෙවීම් සංශෝධනය කර ඇතැයිද පැවසූ ඒ මහතා සඳහන් කළේ ඒ අනුව වියලි ආහාර සඳහා මුදල සතියකට තනි පුද්ගලයෙකු සඳහා රුපියල් 1800 සිට 2100 දක්වාත් පුද්ගලයින් 5 දෙනෙකුගෙන් පවුලකට පැවැති මුදල වන රුපියල් 3,600 සිට 10,500 දක්වාත් වැඩි කළ බවය.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට මෙම සීමාවන්ට යටත්ව වියලි සලාක ලබා දීමේ හැකියාව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් පිසූ ආහාර ලබා දීමේදි පවතින සීමාවන් එලෙසම පවතින බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ආපදා සහන සේවාවන් සම්බන්ධව මහජනතාවට යම් තොරතු ලබා දීම සඳහා ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සෘජු දුරකථන අංකය වන 0112665258 සහ ආපදා කළමනාකරණ අංශයේ 117 අංකය ඇමතිය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here