විපතට පත් ජනතාවට සහන සැලසීමේදී ව්‍යාපාරික ප්‍රජාවගෙන් ගත හැකි සහය ගැන ජනපති අවධානය

0
144

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මෙන්ම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළෙහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාවගෙන් ලබාගත හැකි සහාය පිළිබඳ සොයා බැලීමට ලංකා වාණිජ මණ්ඩලය සමග හමුවකට අද (29) රාත්‍රියේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේදී පැවැත් වුණි.

මේ වන විට රට තුළ පවතින තත්ත්වය සහ විපතට පත් ජනතාව මුදා ගැනීම් සහ සහන සැලසීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළ ජනාධිපතිවරයා එම කටයුතුවලදී ඔවුන්ගෙන් ලබා ගත හැකි සහාය පිළිබඳව අවධානය යොමු කර ඇත.

එමෙන්ම, මෙම හදිසි තත්ත්වය හමුවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ රටේ ආර්ථිකය පසුබෑමට ලක් වීමට ඉඩ නොතබමින් කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී ජනපති අනුර කුමාර දිසානායක මහතා  සාකච්ඡා කර තිබේ.