ඉන්දීය ” ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදා විශේෂ ගුවන් යානයක් දිවයිනට.

0
21

NEWSNOW| –  ඉන්දීය ” ගලවා ගැනීමේ හමුදා භටයින් “( National Diffence Relief Force )  රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද (29) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

ඉන්දීය ගුවන් හමුදාවට අයත් ඉලුෂියන් – 76 වර්ගයේ මෙම ගුවන් යානය අද දින උදෑසන 08.00 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , ඒ තුළ ශ්‍රී ලංකාවට ආධාර වශයෙන් ලබා දෙන මෙට්‍රික් ටොන් 09 ක අත්‍යාවශ්‍ය භාණ්ඩ තොගයක් මෙන්ම , එම ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයන්ට අවශ්‍ය උපකරණ මෙට්‍රික් ටොන් 08 ක භාණ්ඩ ද විය .

එසේම මෙම ගුවන් යානයෙන් ඉන්දීය ගලවා ගැනීමේ අනු ඛණඩ දෙකකට අයත් භටයින් 76 දෙනෙකු සහ කාන්තා භටයින් 04 දෙනෙකු වශයෙන් සමස්ථ භටයින් 80 දෙනෙකු පැමිණ සිටියහ.

එසේම මෙම භටයින් සමග ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා විශේෂයෙන් පුහුණු කළ සුනඛයන් 04 දෙනෙකු , බෝට්ටු 18 ක් , විදුලි ජනක යන්ත්‍ර ඇතුළු මෙම භටයින්ගේ ක්‍රියාන්විත සදහා අවශ්‍ය විශාල භාණ්ඩ තොගයක් ද ඔවුන් රැගෙන විත් තිබුණි .

මෙම භට පිරිස කටුනායක ගුවන් හමුදා කදවුරේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් රදවා තබන අතර අද දින පස්වරුවේ සිට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අවශ්‍යතා සහ දැනුම් දීම මත ක්‍රියාත්මක වීමට නියමිතය .

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහකොමසාරිස් සැට්යම්පාල් පාන්ඩේ (  Satyampal Pandey )
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් ලසිත් සුමනවීර , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දමිත් රඹුක්වැල්ල , ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක්   ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

(ටී.කේ.ජී.කපිල – කටුනායක)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here