ආපදාවට ලක්වූවන් වෙනුවෙන් පළමු විදෙස් ආධාර තොගය ඉන්දියාවෙන්.

0
32

NEWSNOW | –   පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානක් අද(29) අළුයම දිවයිනට පැමිණ තිබේ.

මෙම ආධාර තොගය රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානය ක් අද දින අළුයම 01.45ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ලගා විය.

ඉන්දීයානු රජය විසින් පිරිනැමූ සනීපාරක්ශක ද්‍රව්‍ය ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ අතර, ඉන්දියානු රජය මගින් ලබා දුන් මෙම ආධාර භාර දීමේ අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ Mr. Maitrey Kulkarni, Counsellor (Development Cooperation) Lt. Col. Mandeep Singh Negi (Assistant Defence Adviser) අතුළු ඉන්දිය ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් සහභාගි වූ අතර මෙම ආධාර භාර ගැනීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාන්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here