අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ 123ක් දක්වා ඉහළට

0
118

NEWSNOW | –   අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ 123ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එසේම පුද්ගලයින් 130ක් අතුරුදන්ව තිබේ.

මේ වනවිට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 102,877ක පුද්ගලයින් 373,428 දෙනෙකු ආපදාවට ලක්ව තිබේ.

එමෙන්ම පවුල් 13,690කට අදාළව පුද්ගලයින් 43,925කු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 488ක රැඳී සිටී.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 51ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 35ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට මරණ 8ක් වාර්තා වී තිබේ.

මහනුවර සිදුවී ඇති ආපදා හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 67කු අතුරුදන්ව ඇති අතර, බදුල්ලේ පුද්ගලයින් 27 දෙනෙකු අතුරුදන්ව ඇත.