ආපදා මරණ සංඛ්‍යාව 56 දක්වා ඉහළට

0
113

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය පැය 72 තුළ මරණ 46ක් වාර්තාවී තිබේ.

ඒ අනුව නොවැම්බර් 16 වනදා සිට මේ දක්වා සිදුවී ඇති ආපදා මරණ 56ක් දක්වා ඉහළගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදන් වී ඇත.

රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 12,313කට අයත් පුද්ගලයෝ 43,991 පීඩාවට පත්වී සිටිති.

නිවාස 04කට පූර්ණ හානි සිදුවී ඇති අතර අර්ධ හානි වු නිවාස සංඛ්‍යාව 666ක් බවද ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.