NEWSNOW | – සමස්ත ලංකා මුස්ලිම් ලීගයේ තරුණ පෙරමුණු සංගමයේ හිටපු සභාපති, ආචාර්ය බී.එම්. ෆාරුක් මහතා අද (27) උදෑසන කොළඹදී අභාවප්‍රාප්ත විය.
ඔහුගේ අභාවය සමාජ ක්ෂේත්‍රය තුළ බොහෝ සේවයක් කළ සමාජ සේවකයෙකුගේ අභාවයක් ලෙස සැලකිය හැකිය.
ඔහු අසූ හැවිරිදි විය දක්වා සමාජය වෙනුවෙන් වෙහෙස නොබලා කටයුතු කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. සමස්ත ලංකා මුස්ලිම් ලීගයේ තරුණ පෙරමුණු සංගමයේ ජාතික සභාපති, ෂාම් නවාස් මහතා සිය ශෝක පණිවිඩයේ සඳහන් කළේ තරුණ ප්‍රජාව ඔහුගේ අඩිපාරේ යමින් ඔහුට කෘතඥතාව පළ කළ යුතු බවයි.
සමස්ත ලංකා මුස්ලිම් ලීගයේ තරුණ පෙරමුණු සංගමයේ කුරුණෑගල දිස්ත්‍රික් අධ්‍යක්ෂ ධුරයේ සිට වයඹ පළාත් අධ්‍යක්ෂ ධුරයට පත්වීම, ජාතික විධායක කමිටුවේ සාමාජිකයෙකු වීම, පසුව සම්මේලනයේ උප සභාපති ධුරයට පත්වීම සහ අවසානයේ ජාතික සභාපති ධුරයට පත්වීම දක්වා ආචාර්ය බී .එම්. ෆාරුක් මහතා වයස්ගත වුවද සමාජ කටයුතුවලට මුල් තැන දුන් ඔහුගේ ජීවිතය අද තරුණ පරපුරට කදිම ආදර්ශයක් බව ද ඔහු සිය ශෝක පණිවිඩයේ සඳහන් කළේය.
ආචාර්ය බී .එම්. ෆාරුක්ගේ අවමංගල්‍ය කටයුතු අද දින ඉෂා යාඥාවෙන් පසු ජාවත්ත ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භූමියේදී සිදු කෙරේ.

