බදුල්ලේ නායයෑම් වලින් 4 දෙනෙකු මරුට. තවත් පිරිසක් අතුරුදන්.

0
17

NEWSNOW | –  පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක් නායයෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි

එම නායයෑම්වලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා සඳහන් කළේ, තවත් පුද්ගලයින් නව දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවය.

මේ අතර අද උදෑසන 7.10 වෙනවිට බදුල්ල දිස්ත්‍රික්කයේ මුලුමනින්ම අවහිර වී ඇති මාර්ග ගණන 7 ක් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එම මාර්ග නම්,

පස්සර – ලුනුගල
හාලිඇල – කැටවල
පස්සර මඩොල්සිම
බදුල්ල – මහියන්ගනය
ඇල්ල – පස්සර
හාලිඇල – වැලිමඩ
පස්සර – හිගුරුකඩුව

මේ මාර්ග හරහා වාහන ගමනාගමනය අවහිර වී තිබේ.

ඊයේ (26) දිනයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වන බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here