NEWSNOW | – බුර්කාව තහනම් කරන ලෙස ඉල්ලා බුර්කාවක් පැළඳ පාර්ලිමේන්තුවට පැමිණීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සෙනෙට් සභිකයෙකුගේ සාමාජිකත්වය සතියක කාලයක් සඳහා අත්හිටුවා තිබේ.
පෝලීන් හැන්සන් ඊයේ (25) සිදු කළ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සෙසු සෙනෙට් සභිකයින් හෙළා දැක තිබූ අතර, එක් සභිකයෙකු ඇයට “ජාතිවාදය ප්‍රසිද්ධියේ පෙන්වීමක්” ලෙස චෝදනා කළේ ය.
ආගමන විරෝධී One Nation පක්ෂයේ ක්වීන්ස්ලන්ත සෙනෙට් සභික පෝලීන් හැන්සන්, ප්‍රසිද්ධ ස්ථානවල සම්පූර්ණ මුහුණු ආවරණ පැළඳීම තහනම් කරන පනත් කෙටුම්පතක් හඳුන්වා දීමට උත්සහ කරමින් සිටි අයෙකි. ඇය දිගු කලක් තිස්සේ ඊට විරෝධය දැක්වූවා ය.
මුහුණ සහ ශරීරය ආවරණය කරන බුර්කා ඇඳුම පාර්ලිමේන්තුවේදී ඇඳ සිටි දෙවන අවස්ථාව මෙය වන අතර, සෙනෙට් සභාව ඇගේ පනත ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමක් ලෙස ඇය එය ඇඳි බව පැවසුවා ය.

