ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය අද

0
219

NEWSNOW | –  පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය අද(25) පැවැත්වේ.

රාවල්පිණ්ඩිහි දී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරග දෙකම පරාජයට පත්වුණි.

ඒ අනුව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමටනම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගැනීම අනිවාර්යය වේ.