“මහා ජන හඬ” රැලිය ඇරඹේ.

0
5

රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව සංවිධානය කරන “මහා ජන හඬ” රැලිය අද පස්වරුවේ නුගේගොඩ “ආනන්ද සමරකෝන්” එළිමහන් රංග පීඨයේදී ආරම්භ විය.

කෙසේ වෙතත් මෙම ජනරැලිය සඳහා සමගි ජන බලවේගය, සර්වජන බලය හා ජාතික නිදහස් පෙරමුණ සහභාගි නොවන බව දැනුම් දී ඇත.

 

එම රැලියේදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.

එහි දැක්වෙන්නේ එම රැලිය පැවැත්වෙන පරිශ්‍රය අවට පිහිටි විභාග මධ්‍යස්ථානවල අද (21) පෙරවරු 08.30 සිට පෙරවරු 11.40 දක්වාත් පස්වරු 02.00 සිට පස්වරු 05.00 දක්වා අපොස උසස්පෙළ විභාගය පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඔවුන්ට බාධා එල්ල නොවිය යුතු බවය.

එබැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේදී එම පරිශ්‍රය තුළ පමණක් භාවිත කරන ලෙස පොලීසිය සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම විභාග සඳහා සහභාගීවන හා විභාග කටයුතු අවසන් කර පිටව යන සිසුන්ට බාධා නොවන අයුරින් කටයුතු කරන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

ඒ අනුව රැස්වීම පැවැත්වෙන පරිශ්‍රයෙන් පිටත සවිකර තිබු ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා ඉවත් කිරීමට පොලීසිය කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here