ත්‍රිකුණාමලයේ බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමේ සිද්ධිය ගැන සොයා බලන්න “ධර්ම ශක්ති” සංවිධානය යයි.

0
20

NEWSNOW | – ත්‍රිකුණාමලය බුද්ධ ප්‍රතිමා වහන්සේ එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුව ඇති අවස්ථාවක් එහි සත්‍ය සිදුවීම ගැන සොයා බැලීමට ධර්ම ශක්ති සංවිධානයේ සභාපති අමරපුර මහානිකායේ මහානායක නායක මාදම්පාගම අස්සජි තිස්ස ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම සංවිධානයේ අනෙකුත් ආගමික නායකයින් එම ස්ථානයට ගියහ.

මෙම අවස්ථාවට එම සංවිධනයේ ලේකම් අනුර පෙරේරා පියතුමා, එහි භාණ්ඩාගාරික අබ්දුල් මුජීබ් මවුලවිතුමා, එම සංවිධානයේ නියෝජ්‍ය ලේකම් දර්ශක ශර්මා කුරුක්කල්තුමා , ගරු විශ්‍රාමික රදගුරු ආසිරි පී.  පෙරේරා ඇතුළු පිරිස එක වුහ.

මෙම සියළුදෙනා ප්‍රථමයෙන් ත්‍රිකුණාමලය කොටුව පාර, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයට ගොස් පසුගියදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් එහි නායක ස්වාමීන් වහන්සේගෙන් කරුණු විමසා බැලූහ.

ඉන් අනතුරුව එම සියළු ආගමික නායකයින් එක්ව ත්‍රිකුණාමලයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍රපාල මහතා මූණ ගැසී මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කර ගත්හ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධර්ම ශක්ති සංවිධානයේ සභාපති අමරපුර මහානිකායේ මහානායක නායක මාදම්පාගම අස්සජි තිස්ස ස්වාමීන් වහන්සේ පැවසුවේ මෙවැනි සිද්ධි මුල් කර ගනිමින් ඇතැම් පිරිස් රට තුළ නැවත ජාතිවාදී ප්‍රශ්න ඇති කිරීමට දරන උත්සාහය තරයේ හෙළා දකින බවයි. රට තුළ සාමය සහජීවන ඇති කිරීමට කැප වන සංවිධානයක් ලෙස ධර්ම ශක්ති සංවිධානය එවැනි සිදුවීම් ඇතිවීම වැලැක්වීමට අවශ්‍ය සියළු පියවර ඉදිරියේදී ගන්න බවට මෙහිදී උන්වහන්සේ පොරොන්දු වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here