ප්‍රීමා වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය 18 වැනි වරටත් නොවැම්බර් 19 වැනිදා ඇරඹෙයි

0
11

NEWSNOW | –  සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගමට අයත්, ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව 18 වැනි වරටත් පවත්වනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2025 තරගාවලිය මෙවරත් අති සාර්ථකව පැවැත්වීමට සැලසුම් යොදා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික මාර්ග වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම තරඟාවලිය තුළ දස්කම් දක්වන ක්‍රීඩකයන්ට ඉහළ තත්වයක් ගොඩනගා ගනිමින් ජාතික මට්ටමක් වෙත ළඟා වීම සඳහා මෙම තරගාවලිය වේදිකාවක් නිර්මාණය කර දී තිබේ.

කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර වැනි ශ්‍රි ලංකාවේ වැඩි භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි එනම් පළාත් පහක් ඇතුළත් මෙම පන්දුවාර 50 ක්‍රිකට් තරඟාවලිය 2025 නොවැම්බර් 19 සිට 28 දක්වා කොළඹ ක්‍රීඩාංගණ පහකදී පැවැත් වේ. අවසන් පූර්ව තරඟ නොවැම්බර් 26 වන දින සහ අවසන් තරඟ නොවැම්බර් 28 වන දින කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කර සිටියේ, “ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේදී වෙන්කරන ලද වයස් කාණ්ඩ වැදගත් නිර්ණායකයක් වන බවත් අනාගත ක්‍රීඩකයින් හඳුනාගනිමින් ඔවුන්ව පුහුණු කිරීමට එය වැදගත් සාධකයක් වන බවත්ය. ප්‍රීමා වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගය එම තේරීම් කිරීමේ ක්‍රියාවලියේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබෙනවා,” යනුවෙනි.

ප්‍රීමා වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගය  හරහා ජාතික කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් රැසක් බිහිකර තිබෙන අතර ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර වේදිකාවේ අභිමානවත් අන්දමින් නියෝජනය කිරීමට සමත්ව සිටින ක්‍රීඩකයෝ බවට පත්ව සිටිති.

2007 වසරේ සිට ප්‍රීමා සමූහ ව්‍යාපාරය, අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගය තුළ නිල අනුග්‍රාහකයා ලෙස ආඩම්බරයෙන් කටයුතු කර ඇත.

සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස්හි ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, “ප්‍රීමා වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගය රටේ බිම් මට්ටමේ සිට ක්‍රිකට් ක්‍රීඩාව පෝෂණය කිරීම සඳහා වන අපගේ දිගු කාලීන හා විශ්වසනීය කැපවීමේ පිළිබිඹුවක් වන බවයි. දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට තරුණ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ හැකියාවන් සොයා ගැනීමට අවස්ථා නිර්මාණය කිරීම සඳහා අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව කටයුතු කර තිබෙනවා. එම අවස්ථා හරහා කුසලතා පෝෂණය කරගත් බොහෝ දෙනෙක් ජාතිය නියෝජනය කිරීමේ ශ්‍රේණිගත කිරීම් ඔස්සේ ඉදිරියට ගොස් සිටිනු දැකීම තුළින් අපි අතිශයින්ම තෘප්තිමත් වෙනවා,” යනුවෙනි.

ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, “2011 සහ 2012 ප්රීමා වයස අවුරුදු 15 න් පහළ ශ්රී ලංකා යූත් ලීග් තරගාවලියට සහභාගී වීමේ වරප්රසාදය මට ලැබුණා, ඒ කාලේ අපිට ඒක හොඳ අවස්ථාවක් වුණා, මේ අවුරුද්දේ සහභාගී වෙන තරුණ ක්රීඩකයින්ටත් එය ඉතා හොඳ අත්දැකීමක් වනු ඇතැයි මම විශ්වාස කරනවා,” යනුවෙනි.

2012 සහ 2013 තරඟාවලියට සහභාගී වූ කමිඳු මෙන්ඩිස් සිය මතකය ආවර්ජණය කළේ, සිය ක්රිකට් ජීවිතය ආරම්භ කිරීමේදී ප්රීමා වයස අවුරුදු 15 න් පහළ ශ්රී ලංකා යොවුන් ලීගය නම් තරඟාවලිය හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ බවයි.

ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන පැතුම් නිශ්ශංක 2013 වසරේ ප්රීමා වයස අවුරුදු 15 න් පහළ ශ්රී ලංකා යූත් ලීගය තරඟාවලියට ක්රීඩා කළ අවස්ථාව සිහිපත් කරමින් සඳහන් කළේ, තරුණ ක්රීඩකයින්ට ඔවුන්ගේ කුසලතා ප්රදර්ශනය කිරීම සඳහා මෙම තරඟාවලිය වැදගත් භූමිකාවක් ලෙස දිගින් දිගටම වටිනා සේවයක් ඉටු කරනු ඇතැයි යනුවෙනි. ඔහු මේ පිළිබඳව සිය විශ්වාසය පළ කර තිබීම විශේෂත්වයකි. 

2025 ප්රීමා වයස අවුරුදු 15 න් පහළ ශ්රී ලංකා යොවුන් ලීගය රටේ අපේක්ෂා සහගත යොවුන් ක්රිකට් ඉසව්වක් ලෙස ක්රියාත්මක වන අතර, තරුණ ක්රීඩකයින්ට ඔවුන්ගේ දක්ෂතා ප්රදර්ශනය කරමින් ලෝකයක් අභිමුව කීර්තියට සහ පිළිගැනීමට ලක් වීමට කදිම වේදිකාවක් නිර්මාණය කරන බව විශ්වාසයි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here