කැප්පෙට්ටිපොල මද්‍රසා පාසලකදී මියගිය දරුවා ගැන විධිමත් පරීක්‍ෂණයක්

0
20

NEWSNOW | –  කැප්පෙට්ටිපොල ප්‍රදේශයේ මද්‍රසා පාසලකදී අවුරුදු 12 ක දරුවෙකුගේ මරණය සැක සහිත බව පවසමින් ඊයේ(11) වැලිමඩ මුස්ලිම් ප්‍රජාව විරෝධතාවයක් පවත්වා තිබේ.

අධ්‍යාපනය ලබමින් සිටි මද්‍රසාවේ වැසිකිළියක් තුළ පිරිමි ළමයෙකු මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.එම සිසුවා  සියදිවි නසාගෙන මිය ගොස් සිටියදී සොයාගෙන ඇත.

නමුත් ඊයේ වැලිමඩ පල්ලිය ඉදිරිපිට විරෝධතාවක් පවත්වමින් ප්‍රදේශවාසීහු මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ඉල්ලා සිටියහ.

විරෝධතාකරුවන් පවසන්නේ අවු 12 ක දරුවෙකු සියදිවි හානිකර ගැනීමට තරම් ඇතිවූ සිත්තැවුල කුමක්ද ? මෙම මරණය සම්බන්ධයෙන් සැකසහිත බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් බවත් මියගිය සිසුවාගේ දෙමාපියන් ඉල්ලයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here