NEWSNOW | – අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (14) පස්වරවේ සිදුකිරීමට නියමිතව තිබේ.ඒ අද පස්වරු 6ට ය.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය දෙසැම්බර් මස 5 දක්වා පැවැත්වෙනු ඇති බවයි.
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (15) සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතය.
අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.
මේ අතර අද දිනයේ අයවැය දෙවන වර කියවීයේ විවාදයේ ජන්ද විමසීමේදී ඊට එරෙහිව ජන්දය ප්‍රකාශ කරන බව විපක්ෂය පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක පැවසුවේ මෙවර අයවැය ජනතාවට සහන නොදුන් අයවැයක් හේතුවෙන් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවය.
සමගි ජන බලවේගයද අයවැයට විපක්ෂව ජන්දය ප්‍රකාශ කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක පැවසීය.

