2025 උසස් පෙළ විභාග කටයුතු අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ඇරඹේ.

0
153

NEWSNOW | – මෙවර උසස් පෙළ විභාග කටයුතු අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසීය.

විභාග මධ්‍යස්ථාන 2,362කදී ඊයේ ආරම්භ කළ උසස් පෙළ විභාගයේ දෙවන දිනය අදයි.

එම විභාගය ලබන මස 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 246,521 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 දෙනෙකු පෙනී සිටියි.