ශ්රී ලංකා මහජන පක්ෂයේ හිටපු නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දිවංගත ඔසී අබේගුණසේකර මහතාගේ 31 වන ගුණානුස්මරණ සැමරුම ඊයේ (09) දින පැලියගොඩ ඔසී අබේගුණසේකර ස්මාරකය අබියස දී පැවැත්වුණි.
ඒ අවස්ථාව සඳහා එම පක්ෂයේ සභාපති සේනක අබේගුණසේකර මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන පාටලී චම්පික රණවක, තිලංග සුමතිපාල, නවීන් දිසානායක, හිටපු මහ ඇමති සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු ආරාධිතයින් රැසක් එම පක්ෂයේ ක්රියාකාරීන් රැසක් සහභාගී වී සිටියහ.
මෙහිදී ඔසී අබේගුණසේකර මහතාගේ ස්මාරකයට මල් මාලයක් පළන්දා පැමිණ සිටි සියළු දෙනා පුෂ්පෝපහාර දැක්වීය.
විජය කුමාරණතුංග මහතා විසින් 1984 දී ආරම්භ කරන ලද ශ්රී ලංකා මහජන පක්ෂයේ සභාපති සහ නායකයා ලෙස 1988 සිට 1993 දක්වා කටයුතු කළ ඔසී අබේගුණසේකර මහතා, 1988 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයකු ලෙස තුන්වන ස්ථානයටද පත්විය.