ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

0
129

NEWSNOW| –  මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් සිදුවූ ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ.

අද දිනය පුරාම බොහෝ වෙහෙර විහාරස්ථාන වල ආමිස සහ ප්‍රතිපත්ති පූජා පැවැත්වීම කටයුතු සූදානම් කර ඇත.

ශාසන ඉතිහාසයේ සඳහන් ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරණයේහි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම අද වැනි පොහොය දිනක සිදුවූ සිදුවීම් අතර ප්‍රධාන වෙයි.