ඇෆ්ගනිස්ථානයේ භූකම්පනයෙන් මියගිය ගණන 07ක්.

0
10

NEWSNOW | –  ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් අසල සිදු වූ භූමිකම්පාවෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන් 150ක් පමණ තුවාල ලබා ඇත.

ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් අසල භූමිකම්පාවක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ රික්ටර් මාපකයේ 6.3ක කිලෝමීටර් 28ක ගැඹුරකින් යුක්ත වූ බවය.

කෙසේ නමුත් හටගත් භූමිකම්පාවෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති අතර එම නගරයේ තලේබාන් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ පළාතේ සියලුම දිස්ත්‍රික්කවල සුළු තුවාල සහ මතුපිට හානි පිළිබඳව වාර්තා ලැබී ඇති බවය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම නගරයේ ලක්ෂ 5කට අධික ජනතාවක් වාසය කරන බවත් භූමිකම්පාව ඇති වූ විට නගරයේ බොහෝ පදිංචිකරුවන් තම නිවාස කඩා වැටෙනු ඇතැයි බියවී වීදිවලින් දිව ගොස් ඇති බවය.

මෙම භූමිකම්පාව හටගෙන ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානයේ කඳුකර නැගෙනහිර ප්‍රදේශයේ 6.0ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 1,000කට අධික පිරිසක් මිය ගොස් මාස දෙකක් ගත වීමත් සමගය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here