තුර්කියේ 102 වන ජාතික දිනය කොළඹදී උත්කර්ෂවත් ලෙස සමරයි.

0
129

NEWSNOW | –  ශ්‍රී ලංකාවේ කොළඹ තුර්කි තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද 102 වන තුර්කි ජාතික දිනය ඊයේ (29) කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී මහත් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති සෙමි ලුට්ෆු ටර්ගුට් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ බෞද්ධ, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහභාගී විය.

දෙරටේ ජාතික ධජ එසවීමෙන් පසු තුර්කි තානාපතිවරයා පිළිගැනීමේ කතාවක් පැවැත්වීය. තුර්කි ජනාධිපතිවරයාගේ ජාතික දින පණිවිඩය ද කියවන ලදී.

අනතුරුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා විශේෂ දේශනයක් පැවැත්වූ අතර ශ්‍රී ලංකාවේ සහ තුර්කියේ සංස්කෘතීන් ප්‍රදර්ශනය කරන විශේෂ වැඩසටහන් ද පැවැත්විණි.