ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ (Edelweiss) ප්‍රථම මංගල ගුවන් යානය එයි.

0
2

NEWSNOW | – ලෝකයේ එළඹෙමින් තිබෙන ශීත ඍතුවත් සමග ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කාළසටහනකට අනුව ධාවනය වන ( Seasonal Schedule Flight ) ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ (Edelweiss) ප්‍රථම මංගල ගුවන් යානය අද(28) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ලුෆ්තන්සා ගුවන් සේවා සමූහයට අයත් මෙම ඊඩල්වයිස් ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.- 064 දරන මෙම ගුවන් යානය 10/28 දින උදෑසන 10.03 ට ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළගා විය.

මෙම ප්‍රථම මංගල ගුවන් ගමන සදහා ඒ. – 340 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එම ගුවන් යානය ජල ආචාර ( Water Salute ) පවත්වා උසස් අන්දමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගැනීමට කටයුතු යොදා තිබුණි.

මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ගුවන් මගීන් 27 දෙනෙකු ද පිරිමැසුම්දායක පංතියේ ගුවන් මගීන් 230 දෙනෙකු ද වශයෙන් ගුවන් මගීන් 257 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 12 දෙනෙකු ද පැමිණ සිටියහ.

මෙම ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකම දින දෙකක් , එනම් අගහරුවාදා සහ සෙනසුරාදා දින වල කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.

මෙම ගුවන් යානය 10/28 දින පෙරවරු 11.45 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර බලා පිටත්ව ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here