රජරට රැජින දුම්රිය ගිනි ගනී

0
100

NEWSNOW | –  අනුරාධපුරය සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ගින්නක් හටගෙන තිබේ.

අද උදෑසන 5ට අනුරාධපුරයෙන් පිටත් වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රියේ මෙම ගින්න හටගෙන ඇත.

ගින්න දුම්රියේ එන්ජිමේ හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අනතුරව දුම්රිය නවතා ඇති අතර නැවත දුම්රිය අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් ඇත.

මේ අනුව එම දුම්රියට වෙනත් එන්ජිමක් සවි කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

මේ හේතුවෙන් එම දුම්රිය පැය 2කට අධික කාලයක්  පටත් වීම ප්‍රමාද වූ අතර පෙරවරු 7.30 පමණ යළි බෙලිඅත්ත බලා ධාවන වීමට ගමන් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

වීඩියෝ දර්ශන පහළින්.

https://www.facebook.com/share/r/1CxN4jZq4G/