රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ යාපනය දෙමළ සංගමය එක්ව සංවිධානය කරන ලද විද්වත් කථිකාව

0
106

NEWSNOW | –  “දෙමළ භාෂාවේ ඓතිහාසික වැදගත්කම සහ සංස්කෘතික වටිනාකම ” යන මැයෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ යාපනය දෙමළ සංගමය එක්ව සංවිධානය කරන ලද විද්වත් කථිකාව 25 වන සෙනසුරාදා පෙ.ව.9.30 සිට 1.30 යාපනය විශ්වවිද්‍යාලයීය පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙහි මුලසුන යාපනය දෙමළ සංගමයේ සභාපති මහාචාර්ය ති. වේල්නම්බි විසින් දරන අතර, යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා, යාපනය දිසාපති ම. පිරතීපන් මහතා, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් තිලක් නන්දන හෙට්ටි ආරච්චි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වෙති.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ සම්මානිත මහාචාර්ය සී. පද්මනාදන්, යාපනය විශ්වවිද්‍යාලයේ දෙමළ භාෂාව පිළිබඳ මහාචාර්ය ඒ. සම්මුගදාස්, රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ආචාර්ය ධම්මික ජයසිංහ සහ තෙන්නාඩු පුවත්පතේ ප්‍රධාන කර්තෘ ජීවා සජීවන් යන මහත්වරු විද්වත් කථිකාවට සම්බන්ධ වෙති.