NEWSNOW | – පසුගිය සතියේ ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගිය රන් මිල මේ වන විට සීඝ්‍රයෙන් පහළ බසිමින් ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ සතිය තුළ රන් මිල රුපියල් 77,000කින් පහත බැසීම විශේෂත්වයකි.
මෙරට වෙළෙඳපොළේ වාර්තාගත අන්දමින් කැරට් 24 රන් පවුමක මිල ගෙවුණු සතියේදී රුපියල් 410,000 දක්වා ඉහළ ගියේය.
කෙසේ වෙතත්, ඊයේ දිනයේදී හෙට්ටිවිදීයේ රන් වෙළෙඳපොළෙහි කැරට් 24 රන් පවුමක මිල රුපියල් 330,000ක් ලෙස සටහන් වූ අතර, කැරට් 22 රත්‍රං පවුමක මිල සටහන් වුණේ රුපියල් 302,300ක් ලෙසයි.
ඒ අනුව ඊයේ දිනයේදී පමණක් තවත් රුපියල් 10,000කින් පමණ රන් මිල පහළ වැටුණි.

