අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10,553 ක් පීඩාවට

0
17

NEWSNOW | – පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින් 10,553 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි පෙන්වා දෙන්නේ විවිධ ආපදා හේතුවෙන් මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 4ක් වන අතර වාර්තා වී ඇති නිවාස අර්ධ හානි සංඛ්‍යාව 387ක් බවයි.

මේ අතර ආපදා හේතුවෙන් සිදු වූ එක් පුද්ගල මරණයකට රුපියල් මිලියනයක වන්දියක් ලබාදීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසීය.

උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් උතුරු තමිල්නාඩු වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here