දංකොටුව බාලිකා පාසල අසල අලුතින් ඉදිකරන ලද නව බස් නැවතුම්පොළ ජනතා අයිතියට

0
132

NEWSNOW | –  ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පාසල් අවට බස් නැවතුම්පොළ නවීකරණය හා අලුතින් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබයි.

මේ අනුව දංකොටුව බාලිකා පාසල අසල අලුතින් ඉදිකරන ලද නව බස් නැවතුම්පොළ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතාගේ විසින් අද (22) පෙරවරුවේදී සිසු ජන අයිතියට පත් කරන ලදී.

මෙම අවස්ථාවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.