ලූවර් කෞතුකාගාරයේ තිබූ “මිල කළ නොහැකි” ආභරණ තොගයක් අතුරුදන්.

0
10

NEWSNOW  | –  ප්‍රංශයේ පැරිස් නුවර ලෝක ප්‍රකට ලූවර් කෞතුකාගාරයේ තිබූ නැපෝලියන් අධිරාජයාට සහ ඔහුගේ බිසෝවරුන්ට අයත්ව තිබූ “මිල කළ නොහැකි” ආභරණ තොගයක් සොරකම් කරයි.

ප්‍රංශයේ පැරිස් නුවර ලෝක ප්‍රකට ලූවර් කෞතුකාගාරයේ (Louvre Museum) ඊයේ (20) උදෑසන සිදු වූ කොල්ලයකින් නැපෝලියන් අධිරාජයාට සහ ඔහුගේ බිසෝවරුන්ට අයත්ව තිබූ “මිල කළ නොහැකි” ආභරණ තොගයක් සොරකම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

2024 වසරේ පමණක් මිලියන 8.7 ක නරඹන්නන් පිරිසක් පැමිණි ලොව වැඩිම පිරිසක් නරඹන මෙම කෞතුකාගාරය, නූතන ප්‍රංශ ඉතිහාසයේ සිදු වූ දැවැන්තම සොරකම ලෙස සැලකෙන මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා වසා දමන ලදී.

මුහුණු ආවරණය කරගත් සොරුන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සොරකම සඳහා පැමිණ ඇත. ඔවුන් උදෑසන 9.30 ට පමණ කෞතුකාගාරයේ සේන් ගඟට මුහුණලා ඇති පැත්තෙන්, අලුත්වැඩියා කටයුත්තක් සඳහා යොදාගෙන තිබූ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණයක (චෙරි පිකර්) ආධාරයෙන් පළමු මහලේ පිහිටි ඇපලෝ ගැලරිය වෙත සෘජුවම ප්‍රවේශ වී තිබේ. සංස්කෘතික අමාත්‍යවරිය සඳහන් කළේ, සොරුවන් “සන්සුන්ව” ඇතුළු වී ආභරණ තැන්පත් කර තිබූ වීදුරු ප්‍රදර්ශන කුටි කඩා දමන අයුරු නිරීක්ෂණ කැමරාවල සටහන්ව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here