කොළඹ සහිරා විද්‍යාලයේ වාර්ෂික මීලාද් උන් නබි දිනය සාර්ථකව සැමරේ.

0
85

කොළඹ සහිරා විද්‍යාලයීය ඉස්ලාමීය සංගමය විසින් වාර්ෂික මීලාද් උන් නබි දිනය සංවිධානය කරන ලද අතර ත්‍යාග ප්‍රදානෝත්සවය ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා විද්‍යාලයීය අබ්දුල් ගෆූර් ශාලාවේදී විද්‍යාලයේ විදුහල්පති ට්‍රිස්වි මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මීලාද් උන් නබි දින කමිටු සභාපති ෂකීර් ෂෆීක් පිළිගැනීමේ කතාව පැවැත්වීය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මුස්ලිම් පාසල් සංවර්ධන ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ මේජර් එන්.ටී. නසුමුතීන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර සමස්ත ලංකා ජමියතුල් උලමා මහලේකම් අෂ් ෂෙයික් අර්කම් නූර්අමිත් තුමා ආරාධිත කථිකයෙකු විය.

මීලාද් දින තරංගය සඳහා පාසල් 55 ක ශිෂ්‍යන් 1200ක් සංඛ්‍යාවක් සහභාගී වූහ. කිරාත්, කසීදා, රචනා, කථන, විවාද, අක්ෂර වින්‍යාසය, ප්‍රශ්නාවලිය වැනි විවිධ විෂයයන් යටතේ පැවැත්විය.

කොළඹ 12 පාතිමා මුස්ලිම් කාන්තා විද්‍යාලය අන්තර් පාසල් තරඟාවලියේ සමස්ත ශූරිය ලෙස කිරුළු පැළඳි අතර ෆාතිමා මුස්ලිම් කාන්තා විද්‍යාලයේ මුස්ලිම් මජ්ලිස් නායක ෆාතිමා හනූෆ් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ මුස්ලිම් පාසල් සංවර්ධන ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ මේජර් එන්.ටී. නසුමුතීන් මහතා අතින් ත්‍යා ලබාගත්හ.

සහිරා විද්‍යාලයේ සහ මුස්ලිම් කාන්තා විද්‍යාලයේ සිසුවියන් විසින් කසීදා සහ කණ්ඩායම් ගීත ඉදිරිපත් කරන ලදී.

විද්‍යාලයේ විදුහල්පති ට්‍රිස්වි මරික්කාර් මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ආරාධිත අමුත්තා වෙත ස්තූති සංකේතයක් ප්‍රදානය කරන ලදී.

සහිරා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති හාසික් ජලීල්, නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන මොහොමඩ් ෂාසුලි, උප විදුහල්පතිවරුන් වන සීනාත් ඉස්ල්මායිල් , ඒ.එම්. මිහිලාර් , සහිරා විද්‍යාලයේ ඉස්ලාමීය සංගමයේ භාර ඉන්හාම් ඉස්යිමායිල් යන මතන්ම මහත්මීන් , පාලක මණ්ඩල සාමාජිකයින්, ආදි ශිෂ්‍යයින්, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් ද සහභාගී වූහ.

ඉස්ලාමීය සංගමයේ ලේකම් ෆාදිල් ඉර්ෂාන් මහතා ස්තූති කතාව සිදු කළේය.