NEWSNOW | – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය දීපවාලි පණිවිඩයෙන් ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි හින්දු ප්‍රජාවට සුබ පැතුම් එක් කළ අතර, නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීමේ සංකේතයක් ලෙස උත්සවය ඉස්මතු කළේය.
විෂ්ණු දෙවියන් විසින් නරකාසුර පරාජය කිරීමේ ආගමික වැදගත්කම සනිටුහන් කරමින්, දීපවාලි ආලෝකය අන්ධකාරය දුරු කර ධර්මිෂ්ඨකම ප්‍රවර්ධනය කරනු ඇතැයි ජනාධිපතිවරයා බලාපොරොත්තු විය. සියලු පුරවැසියන්ගේ සහ පදිංචිකරුවන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම ආරක්ෂා කරන අතරම සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ අන්තවාදය මැඩපැවැත්වීමට රජය දක්වන කැපවීම ඔහු පැවසීය.
ආරක්ෂිත සහ සාධාරණ ජාතියක් ගොඩනැගීම සඳහා එක්සත්කම ඉල්ලා සිටිමින්, දීප්තිමත් දීපවාලි උත්සවයක් සහ “සමෘද්ධිමත් ජාතියක්, සුන්දර ජීවිතයක්” කරා සාමූහික ප්‍රගතියක් සඳහා ප්‍රාර්ථනා කරමින් ජනාධිපතිවරයා අවසන් කළේය.
ජනාධිපතිතුමාගේ සම්පූර්ණ පණිවිඩය
“ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපවාලී උත්සවය අදට (20) යෙදී තිබේ. විෂ්ණු දෙවියන් නරගාසුරන් නැමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින්, අධර්මය පරදා ධර්මය ජය ගත් අයුරින් සියල්ලන්ගේ සිත්සතන්හි අඳුර දුරලා ආලෝකය පැතිරේවා‘යි යන ප්‍රාර්ථනය පෙරදැරිව ඔවුහු ආගමික වතාවත්හි නිරත වෙති.
මෙම සැමරුමෙන් අයහපතට එරෙහිව යහපතෙහි ජයගැන්ම සංකේතවත් කරයි. මේ වන විට අප අභිමුවේ දැවැන්ත අභියෝගයක් මෙන්ම, මෙරට ඉදිරි ගමනට අකුල් හෙළන විසල් බාධකයක්ව පවතින මත් උවදුර සහ යටිබිම්ගත අපරාධ මැඬලීමට රජය මහත් වෑයමක නිරතව සිටී. සියලු දෙනාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරමින් එය යහපත් සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඇති අයිතිය ලෙසින් ප්‍රවර්ධනය කිරීම අපගේ මෙම ප්‍රයත්නයෙහි මුඛ්‍ය අරමුණයි.
එසේම, අප පුරවැසියන්ගේ පමණක් නොව මෙරට වෙසෙන, මෙහි පැමිණෙන සියලු ජනයාගේ ශාරීරික, මානසික, භෞතික සහ චිත්තවේගීය සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වන වගකීම වෙනුවෙන් රජයක් ලෙස අපි උර දී සිටින්නෙමු. සියලු ආගම්වාදී, ජාතිවාදී බලවේග පරාජය කරමින් සමාජ සාධාරණත්වය ස්ථාපිත කිරීමටත්, සෑම කෙනෙකුටම සිය සිවිල්, දේශපාලනික සහ සංස්කෘතික අයිතීන් ඇතුළු සියලු අයිතිවාසිකම් බාධාවකින් තොරව භුක්ති විඳිය හැකි, සියලු දෙනාගේ නිදහස සහ ගෞරවය සුරකින සුරක්ෂිත රටක් ගොඩනැගීමටත් අප කැප වී ක්‍රියා කරන බව මෙහි ලා අවධාරණය කරමි.
දීපවාලිය සැබැවින්ම ආලෝක පූජාවකි. දීපවාලි දිනයේදී සෑම නිවසක්ම හෙළි කරමින් දැල් වෙන පහන් සිළෙන් මෙරට ජනතාව ‘පොහොසත් රටක් – ලස්සන ජිවිතයක්’ කෙරෙහි තැබූ අපේක්ෂා ඉටු කිරීමට අප එක්ව යන මාවත තව තවත් එකලු වේවා‘යි ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලාංකේය සහ ලෝවැසි සියලු හින්දු බැතිමතුන්ට ස්වකීය සිත්සතන් ප්‍රභාවත් කෙරෙන සුබ දීපවාලී සැමරුමක් වේවායි සුබපැතුම් එක් කරමි.