NEWSNOW | – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් අද(16) උදෑසන පිටත්ව ගොස් ඇති බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග තහවුරු කරයි.
අග්‍රාමාත්‍යවරිය ඔක්තෝබර් 18 වන දින දක්වා ඉන්දියාවේ රැඳී සිටින අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා ඇතුළු ඉහළ මට්ටමේ රැස්වීම් කිහිපයක් පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
ඇයගේ සංචාරය අතරතුර, ආචාර්ය අමරසූරිය මහත්මිය 2025 ඔක්තෝබර් 17 වන දින NDTV සහ චින්තන් පර්යේෂණ පදනම එක්ව සංවිධානය කරන NDTV ලෝක සමුළුවේදී “අවිනිශ්චිත කාලවලදී මෙහෙයවීමේ වෙනස” යන මාතෘකාව යටතේ ප්‍රධාන දේශනය පවත්වනු ඇත.