“වෙනස්වීමට අනුව ඊළඟ පරම්පරාව වෙනස් කරන්න” යන මැයෙන් පැවැත්වෙන සම්මන්ත්‍රණයක්

0
7
Time for change, colorful words on blackboard.

NEWSNOW | –  “වෙනස්වීමට අනුව ඊළඟ පරම්පරාව වෙනස් කරන්න” යන මැයෙන් පැවැත්වෙන සම්මන්ත්‍රණයක් සෙනසුරාදා (18) දින පෙ.ව. 08.30 සිට දහවල් 12 දක්වා කොළඹ තැපැල්  මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

සම්මන්ත්‍රණය සංවිධානය කරනු ලබන්නේ ‘ rraaone TECHNOLOGIES’ විසිනි.

මෙහි කථිකයන් ලෙස ආචාර්ය දර්ශන සමරවීර (නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, NIE) සහ රංජිත් පද්මසිරි (සහකාර අධ්‍යක්ෂ ජනරාල්, NIE) සහභාගී වනු ඇත.

2026 වසරේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට අදාලව මොඩියුලර් ඉගෙනීම, කුසලතා කරා යන මාර්ග සහ 1- 6 ශ්‍රේණි සඳහා නව තක්සේරු ක්‍රම වැනි ප්‍රධාන මාතෘකා මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කෙරෙනු ඇත.

මෙම විෂයේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් සංවිධානය කර ඇති මෙම සම්මන්ත්‍රණය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට මෙම දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැක. 1094 76 164 8616, +94 76 164 8616, +94 74 047 7034, +94 77 848 3271, info@rraaone.com.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here