මේ වසර තුළදී වතුකම්කරු දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
බණ්ඩාරවෙලදී පැවැති කඳුකර මලයගම් ප්‍රජාවේ ප්‍රතිලාභීන් 2000ක් සඳහා නිවාසලාභී හිමිකම් පත් ප්‍රදානයේ කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස 10,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සිව්වැනි අදියර යටතේ කඳුකර මලයගම් ප්‍රජාවට එම හිමිකම්පත් ප්‍රදානය කිරීමේ උත්සවය අද (12) පෙරවරුවේ බණ්ඩාරවෙලදී ආරම්භ විය.
එහිදී නිවාස හිමිකම් පත් ලබන ප්‍රතිලාභීන් 2000දෙනා සංකේතවත් කරමින් හිමිපත්කම් ප්‍රදානය ජනාධිපතිවරයාගේ අතින් සිදු කෙරිණි.