රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ‌ආණමඩුව මදවක්කුලම මුස්ලිම් පල්ලියේ නිරීක්ෂණ චාරිකාවක

0
123

ආණමඩුව මදවක්කුලම මුස්ලිම් පල්ලියේ මුස්ලිම් ප්‍රජාව මුණ ගැසී ඔවුන්ට පවතින ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා ඊයේ (10) පස්වරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදී පූජකතුමන්ලා සහ මුසලිම් සහෝදරත්වය සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අමාත්‍යවරයා, ඔවුන්ගේ හා මුස්ලිම් ප්‍රජාවගේ අදහස් හා ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කළ අතර, එම ගැටලු සඳහා අවශ්‍ය කරන විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව ද හඳුනාගනු ලැබීය.