පාකිස්තානයේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්. 6 දෙනෙකු මරුට

0
57

NEWSNOW | –   පාකිස්තානයේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 6 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එහිදී ප්‍රහාරය එල්ල කිරීම සඳහා පැමිණි සටන්කාමීන් තිදෙනෙකු ද පාකිස්තාන ආරක්ෂක අංශවල ප්‍රතිප්‍රහාරවලදී මියගොස් ඇත.

වයඹදිග පාකිස්තානයේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයකට මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී ඇති අතර දෙපාර්ශවය අතර පැය 5කට ආසන්න කාලයක් වෙඩි හුවමාරුවක් ද සිදුව ඇත.

ප්‍රහාරයෙන් තවත් පොලිස් නිලධාරීන් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර එහි සිටි සියළු කාර්යමණ්ඩල ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කළේය.