චීනයෙන්, අමෙරිකාවට සිදු කරනු ලබන අපනයන සඳහා 100% අතිරේක තීරු බදු පැන

0
8

NEWSNOW | –  චීනයෙන්, අමෙරිකාවට සිදු කරනු ලබන අපනයන සඳහා 100% අතිරේක තීරු බදු පැනවීමට අමෙරිකාව  තීරණය කරයි.

මෙය නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වේ.

ජනපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ තාක්ෂණික නිෂ්පාදනයන්ට අවශ්‍ය ඛනිජ වර්ග සඳහා චීනය විසින් දැඩි අපනයන පාලනයන් පැනවීම හමුවේ මෙලෙස තීරු බදු පැනවීමට තමා තීරණය කළ බවය.

තාක්ෂණික නිෂ්පාදනයන් සඳහා අත්‍යවශ්‍ය වන ඛනිජ වර්ග 7ක් සඳහා චීනය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී අපනයන සීමා පනවනු ලැබීය.

මෙම ඛනිජ වර්ග 7ට අමතරව තවත් ඛනිජ වර්ග 5ක් සඳහා අපනයන සීමා දැඩි කරන බවට චිනය පසුගියදා නිවේදනය කළේය.

චීනයේ මෙම තීරණය හමුවේ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නොවැම්බර් මාසයේ සිට චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා දැනට පනවා ඇති තීරු බදුවලට අමතරව තවත් 100% ක අතිරේක තීරු බද්දක් පනවන බව සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here