TOPදේශීය පුවත් යාපනයේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් පිරිස රිමාන්ඩ් By Newsnow Sinhala - October 11, 2025 0 153 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – යාපනය, ඩෙල්ෆ් මුහුදු සීමාවේදී මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසර ලෙස මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 30 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ට්‍රෝලර් යාත්‍රා 04කින් පැමිණ මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මසුන් අල්ලමින් සිටියදී අදාළ ඉන්දීය ධීවරයින් පිරිස පසුගියදා නාවික හමුදා භාරයට ගෙන තිබුණි. පසුව ඔවුන් මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට පියවර ගත් අතර ඉන් පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගැනුණි. එහිදී මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ අදාළ ඉන්දීය ධීවරයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය. ඒ අනුව සැකකරුවන් 30 දෙනා එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.